දේශීය පුවත්

රටේ බොහෝ දෙනෙකුට මෙන්ම දේශපාලන ස්ථරය නියෝජනය කරන බොහෝ දෙනෙකුට ද රටේ අර්බුදයේ ස්වභාවය අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇති බවත්, අවුරුදු 40ක් අගමැතිවරයකු ලෙස 6 වතාවක් පත්වූ හා දිගුකලක සිට ක්‍රමයෙන් ගොඩනැගුණු රටේ අර්බුදය විසඳීමට කිසිවක්ම නොකළ පුද්ගලයෙක් රටේ නායකයා ලෙස පත්කිරීම මගින් එම අවබෝධයේ තරම පෙනෙන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් මීට අඩසියවසකට පමණ පෙර රචිත “ද්විඝටනාත්මක භෞතිකවාදය” සහ “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර(පරිවර්තන)“ යන කෘතීන් ද්විත්වය නැවත එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

ද්විඝටනාත්මක භෞතිකවාදය යනු වෙන කවරදාකටත් වඩා රටේ අර්බුදය අවබෝධ කර ගැනීමට අතිශය වැදගත් න්‍යායක් බවද, මෙය මාක්ස්ට, එංගල්ස්ට හා ලෙනින්ට පෙර ප්‍රායෝගිකව යොදාගත්තේ බුදුන් වහන්සේ බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

පසුගිය කාලයේ සිදුවූ ඊනියා අරගලයට සම්බන්ධ මාක්ස්වාදී පක්ෂයක පුද්ගලයකු “අපි විප්ලවයක් කියල හිතාගෙන කරල තියෙන්නේ ප්‍රතිවිප්ලවයක්“ බව මෑතක දී ප්‍රකාශ කර ඇති බවත්, මාක්ස්වාදී පක්ෂ පසුගිය සමයේ සිදුවූ සිදුවීම්වල පෙළගැස්ම වටහාගෙන ඇති ආකාරය එබඳු ප්‍රකාශ මගින් පෙනෙන බවත් ඒ මහතා පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More