හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති වරප්‍රසාද පනතට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම් වරයෙක් සඳහා වන වෙිතන පමණක් වුවද පසුගිය සමයන්හි දී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට ජල බිල්පත්,විදුලි බිල්පත් ගෙවීම් ඇතුළු බොහොමයක් වරප්‍රසාද ඇතුලත් කොට තිබිණි.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවක තීන්දුවකින්ද ජනාධිපති වරප්‍රසාද පනත අනුව කටයුතු කරන්නැයි රජයට උපදෙස් ලැබී ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...