වකුගඩු බද්ධ කිරීම්වලදී අත්‍යවශ්‍ය ම වන ඖෂධයක් වන බැසිලුක්සිමැබ් (Basiliximab) නමැති එන්නත නොමැති වීමෙන් ජාතික වකුගඩු රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නැවතීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
වකුගඩුවක් බද්ධ කිරීමට පෙර බැසිලුක්සිමැබ් එන්නත අනිවාර්යයෙන් ලබා දිය යුතු අතර එයින් සිදුවන්නේ රෝගියාට බද්ධ කරන වකුගඩුව වහා ප්‍රතික්ෂේප වීම වැළැක්වීමයි.
එම එක් එන්නත් කුප්පියක් රුපියල් ලක්ෂ තුනක් පමණ වන අතර මේ වනවිට වකුගඩු බද්ධ කරන රෝහල් කිසිවක මෙම එන්නත නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම එන්නත පෞද්ගලික අංශය සතුව ද නොමැති බව පැවැසේ.
බැසිලුක්සිමැබ් වෙනුවට යොදාගන්නා ආදේශක ඖෂධය වන ඒටීජී (Antithymocyte) නමැති ඖෂධය ද මේ වනවිට රජයේ රෝහල් සතුව නොමැති බව වාර්තා වන අතර එය පෞද්ගලික අංශය සතුව තිබේ.
එහි එක් එන්නත් කුප්පියක් රුපියල් 65,000ක් වන අතර එය රෝගියාට ලබාදෙන්නේ රෝගියාගේ බර අනුව ය. ඒ අනුව සමහර රෝගීන්ට එම ඖෂධය ලබා දීමට රුපියල් ලක්ෂ හතරක් පමණ වැය වේ.
මේ වනවිට ජාතික වකුගඩු රෝහලේ මෙම එන්නත අවසන්ව ඇති බැවින් එන්නත් 12ක් ලබා දෙන ලෙස එම රෝහල වෛද්‍ය සැපයීම් ඒකකයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ඖෂධ නොලැබුණොත් සැත්කම් නතර කිරීමට සිදුවන බව එම රෝහල දන්වා ඇතැයි ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...