රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස හත් වතාවක් හා ජනාධිපති ලෙස එක් වතාවක් ඉන්දියාව සමග අත්සන් කළ එකඟතා ගිවිසුම් සහ ඒකාබද්ධ ප්‍රකාශ අතරින් බරපතළම පවාදීම සිදුකරන්නේ ජුලි 21 ඇතිකරගත් එකඟතාවයන් මගින් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
එක් එක් අවස්ථාවල රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට ලබාදීමට පොරොන්දු වූ දේ පිළිබඳව සවිස්තරාත්මක ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කරන්නේ සියලු පාවාදීම්වල කූඨප්‍රාප්තිය ජුලි 21 දා සිදුවූ බවය.
රනිල් වික්‍රමසිංහ මහතා 8 වැනි වතාවට එකඟවන්නේ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉනිදියාවේ අර්ධ යටත්විජිතයක් බවට පත්කෙරෙන විස්තීරණ ආර්ථික ඒකාබද්ධකරණයක් සඳහා බවට ඔහු කරුණු දක්වයි. එමගින් ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වන බව ද ඔහු විසින් පෙන්වා දී ඇත.
ඉන්දියාව සතුටු කිරීම මගින් ඉදිරි ජනාධිපතිවරණය දිනා ගැනීමට හැකි වුවහොත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් 30 වැනි ප්‍රාන්තය ද බිහිකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගමැති මෝදිට පොරොන්දුවන් ලබාදී ඇති බවද ඔහු කියයි.
සිවිස්තරාත්මක ලිපිය පහළින්…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...