ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද (26) පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, දෙමළ පක්ෂ නියෝජිතයින් පවසන්නේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි.
අද පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කර තිබූ අතර, ජාතික ජනබලවේගයය මෙම සුමුළුව සඳහා සහභාගී නොවන බවද දන්වා තිබේ.
කෙසේ වෙතත් අනෙකුත් පක්ෂ බහුතරයක් මෙම සමුළුවට සහභාගී වන බවයි දැනට වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...