දේශීය පුවත්

ජනතාවට අර්බුද විනිවිද දැකීමට, දේශපාලන අවබෝධය ලබාදීම පිණිස ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් මීට අඩසියවසකට පමණ පෙර රචිත “ද්විඝටනාත්මක භෞතිකවාදය” සහ “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර(පරිවර්තන)“ යන කෘතීන් ද්විත්වය අද(25) දිනකොළඹ 07, නිදහස් මාවත, අංක 14 යන ලිපිනයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී උත්සවාකාරයෙන් නැවත එළිදැක්වීම සිදු විය.

මෙම උත්සව සභාවේ මුලසුන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් දරනු ලැබූ අතර,  “ලාංකීය සමාජ විප්ලවය සඳහා මාක්ස්වාදය සහ බුදුදහම අතර පාලමක්” යන මැයෙන් මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියෝ විශේෂ දේශනයක් සිදුකරනු ලැබූහ.

මෙම අවස්ථාවට අතුරලියේ රතන හිමි, බෙංගමුවේ නාලක හිමි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජී. වීරසිංහ, පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍ර කීර්ති, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති නිමල් පුංචිහේවා, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ප්‍රවීන මාධ්‍යෙව්දී හා දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න යන මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.

මෙම කෘති එළිදැක්වීම වෙනුවෙන් කඩුල්ල ප්‍රකාශන ආයතනයේ ප්‍රියන්ත කුමාර වනසිංහ මහතා විශේෂ දායකත්වයක් සපයනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More