දේශීය පුවත්

මේ වන විට ඊශ්‍රායලයේ දැඩි මතභේදයට තුඩු දී ඇති අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර මෝටර් රථ රියදුරෙකු විරෝධතාකරුවන් පිරිසක් වෙතට කඩා වැදීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. ඊශ්‍රායලය පුරා පිහිටි නගර කිහිපයක පැවැති පෙළපාලි අතරතුර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන ඇති අතර, සිය ගණනක පිරිස් අත්අඩංගුවට ගෙන ඇති බවද එම වාර්තා පවසයි.

මෙම සිදුවීම ඊයේ(24 ) රාත්‍රියේ ටෙල් අවිව් නගරයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 16ක් පමණ දුරින් පිහිටි කෆාර් සබා නගරය ආසන්නයේදී සිදුවිය. ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව වන Knesset මගින් ඉදිරිපත් කර ඇති දැවැන්ත අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනාවකට එරෙහිව විරෝධතාවය් දැක්වීමට විරෝධකරුවන් පිරිසක් ඊශ්‍රායලයේ නගර වලට රැස් වූහ.

අන්තර්ජාලය හරහා සංසරණය වන ප්‍රහාරයේ වීඩියෝවක, විරෝධතාකරුවන් භීතියෙන් පලා යද්දී සුදු පැහැති වාහනයක් සෙනඟ අතරින් කුඩා ගිනි මැලයක් හරහා වේගයෙන් ගමන් කරන අයුරු දක්නට ලැබේ. පොලිසිය උපුටා දක්වමින් Haaretz මාධ්‍ය සේවය වාර්තා කළේ, අදාළ ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකුට “සුළු තුවාල” සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි පිරිමි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලිසිය මාධ්‍ය වෙත පැවසීය. ඊශ්‍රායල මාධ්‍යවේදිනී Noga Tarnopolsky පසුව අනාවරණය කළේ ඔහු “බටහිර ඉවුරේ පදිංචිකරුවෙකු” බවයි.

ඊයේ නව අධිකරණ ප්‍රතිසංස්කරණ පනතේ පළමු කොටස නීති සම්පාදකයින් විසින් සම්මත කරන විට ඊශ්‍රායල ජාතිකයින් දහස් ගණනක් නගර කිහිපයක විරෝධතා සඳහා පැමිණ සිටියහ. රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්‍ෂණය කිරීමට ඇති හැකියාවට සීමාවන් පනවමින් ගෙන එන නව නීතිය, රට පුරා පෙළපාලි රැල්ලක් අවුලුවාලීය. මේ වසර මුලදී අදාළ යෝජනා ඉදිරිපත් කළ දා සිට උණුසුම් වාද විවාද වලට සහ මතභේදයන්ට ලක්විය.

මේ අතර විරෝධතා හේතුවෙන් ඊයේ දවස තුළ අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ටෙල් අවිව් සහ ජෙරුසලමේ විරෝධතාකරුවන්ට පොලීසිය ජල ප්‍රහාර එල්ල කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය. ටෙල් අවිව් පොලිසිය පැවසුවේ ටෙල් අවිව් නගරයේ ඇති වූ ගැටුම්වලදී නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මතභේදාත්මක පනත සම්බන්ධයෙන් Knesset හි පැවැති ඡන්දයෙන් පසුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහු වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම විරුද්ධවාදීන් සමඟ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා අලුත් කිරීමට තමන් සූදානම් බවයි. පනත විවේචනය කරන්නන්ට සහතික කිරීමට උත්සාහ කරමින් ඔහු අවධාරණය කළේ “කිසිම ආකාරයකින් අධිකරණයේ කටයුතු වලට අතික්‍රමණය කිරීමට පනත මගින් උත්සහා නොකරන බවයි.”

ඔහුගේ වීඩියෝව තුල ඊශ්‍රායල විපක්ෂ නායක ‍Yair Lapid ගේ “බොරු” සහ “හිස් රඟහලක” කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් හෙලා දකිමින් පවසා සිටියේ ඔහු හුදෙක් “විරෝධතාකරුවන් නැලවීම” අරමුන කරන බවයි. මේ අතර, නෙතන්යාහුගේ “අන්තවාදී සහ මෙසියානු රජයට දහවල් කාලයේදී අපගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉරා දැමිය නොහැකි වූ බවත්, සවස් වන විට ඔහු සංවාදයක් යෝජනා කරන බවත්” එරට නීති සම්පාදකයෝ ප්‍රකාශ කළෝය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More