දේශීය පුවත්

රෝගීන්ගේ සහ නිදහස් සෞඛ්‍යයේ උන්නතිය වෙනුවෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ ඇති අයිතිය සීමා කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය ඉවත් කර නොගන්නේ නම් ඊට එරෙහිව හෙට (26දා) සිට සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පසුගිය 20 දා නිකුත් කර ඇති එම චක්‍රලේඛය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (24 දා) සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් ඇතුළු නියෝජිතයෝ සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් භාර දුන්හ.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ඇත්ත ජනතාවට ප්‍රකාශ කිරීම හේතුවෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට පහර ගැසීමකට චක්‍රලේඛය මගින් ඇමැතිවරයා ක්‍රියාකර ඇති බවත් එම චක්‍රලේඛය පැය 24 ක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර එසේ නොවන්නේ නම් ඊට එරෙහිව හෙට සිට සමස්ත සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කළ බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More