දේශීය පුවත්

පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් හා පුරාවිද්‍යා භූමිවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ පෙත්සම් දෙක හෙට(25) දින විභාගයට ගැනේ.

පුරාවිද්‍යා ආඥාපනත මගින් විෂයභාර අමාත්‍යවරයා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට පිළිවෙළින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට ඇති බලතල ක්‍රියාත්මක නොකොට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත නිකුත් කර ඇති 2023 ජනවාරි 11 වන දින ලිපිය හා එහි අන්තර්ගතය අභියෝගයට ලක්කරමින් රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව (CA WRIT 86/23) 2023 ජූලි 25 දින විභාගයට ගැනීමට නියමිතය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා මෙන්ම, නීතිපතිවරයා ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක, විෂයභාර අමාත්‍ය ලේකම් සෝමරත්න විදානපතිරණ, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග යන මහත්වරුන් ද, වත්මන් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කොට ඇත.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් වනුයේ පූජ්‍ය කණුපැලැල්ලේ අනුරාධ හිමි, ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල හේමචන්ද්‍ර ද සිල්වා, විශ්‍රාමික නාවුක කොමදෝරු ඉසිර කාසිවත්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න, පුරාවිද්‍යා උපදේශන සභාවේ හිටපු සාමාජික ග්‍රන්ථ කර්තෘ, මාධ්‍යෙව්දී මතුගම සෙනවිරුවන්, ජාතික පුනරුදය සංසදයේ ඒ.ඒ. ආරියදාස, ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක, යන මහත්වරුන් ය.

දැනට ගවේෂණය කර තහවුරු කරගත් පුරාවිද්‍යා ස්ථාන කඩිනමින් මැන අවසන්කොට ගැසට්කරන ලෙසත්, විනාශවීමේ හා තර්ජනයට මුහුණ දී ඇති ස්ථාන කඩිනමින් සංරක්ෂණය, අන්තවාදීන් විනාශකරමින් ඇති ස්ථාන ආරක්ෂාකොට ඒවාද හැකි ඉක්මනින් ගැසට් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

එමෙන්ම කුරුන්දි විහාර පුරාවිද්‍යා භූමියේ සහ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමානාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන ඇති ස්ථානවල මායිම්ගල් ගැලවීම ජනාධිපති හරහා 2023.06.08 දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී , මුලතිව් ආරක්ෂක සේනා ආඥාධිපති හා මානුෂීය මෙහෙයුමේ 57 වැනි සේනාංකාධිපති වූ විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික බ්‍රිගේඩියර්, අතුල හේමචන්ද්‍ර ද සිල්වා, විශ්‍රාමික ලුතිනන් කර්නල් අනිල් සුමේද අමරසේකර මහත්වරුන් අභියාචනාධිකරණය ඉදිරිපත් කර ඇති රිටි අයදුම්පත ද ( CA writ 367/23) විභාගයට ගැනීමට නියමිතය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අනූෂා පේරුසිංහ මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නිතිඥ මනෝහාර ද සිල්වා මහතා ප්‍රධාන නිතිඥ හරිත්‍රියා කුමාරගේ මහත්මිය ඇතුළු නිතිඥ මඩුල්ලක් පෙනී සිටී.



2 thoughts on “පුරාවිද්‍යා භූමිවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනුකළ රීට් පෙත්සම් විභාගය හෙට”

  1. Thanks a lot to the patriotic people who are taking legal action against the threatened invaluable archaeological heritage of the nation. Kurundi should not be a political manner. The President is completely wrong on this issue and must be challenged. Let the archaeologists do their job properly without political interference. This is the heritage of the nation, every Sri Lankan – of all racial or religious backgrounds should be protecting the ancient archaeological sites.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More