සීනි බදු වංචාව මගින් රුපියල් මිලියන 15,000ක් රජයට පාඩු කළ ව්‍යාපාරිකයාට පොල්තෙල් බදු වංචාවකට ද ආණ්ඩුව පොටක් පාදා දී ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.
ආණ්ඩුව එම ව්‍යාපාරිකයාට පොල්තෙල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනය කර ගබඩාකර ගැනීමට ඉඩ ලබාදී එසැනින් කිලෝග්‍රෑම් 1 කට රුපියල් 50ක බද්දක් පැනවීම මගින් එම ව්‍යාපාරිකයාට ආනයනය කළ තෙල් තොගයට තමා නොගෙවූ බද්ද එකතු කර වැඩි මිලට විකිණීමට අවස්ථාව නිර්මාණය කළ බවට සභාපතිවරයා චෝදනා කරයි.
මීට පෙර පොල්තෙල් බදු කිලෝග්‍රෑම් 1 කට රු. 165 කින් අඩු කිරීම මගින් රජයට රු. මිලියන 20,000ක් පාඩු වූ අතර, දේශීය පොල්තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. ආණ්ඩුව ප්‍රතිපත්ති හදන්නේ ජාවාරම්කරුවන් සතුටු කිරීමට මිස දේශීය කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා නොවන බවට ඔහු චෝදනා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...