දේශීය පුවත්

අද උදෑසන මොස්කව් වේලාවෙන් අලුයම 4 ට පමණ මොස්කව් නගරය යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වී ඇති බව වාර්තාවේ. කෙසේ වුවද ප්‍රහාරය හේතුවෙන් “විශාල හානියක්” සිදු නොවූ බව මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් මාධ්‍ය වෙත පැවසීය.රුසියානු හමුදාව විසින් විද්‍යුත් යුධ උපක්‍රම භාවිතා කර ඩ්‍රෝන ප්‍රහාරය ව්‍යවර්ථ කිරීම හේතුවෙන් ඩ්‍රෝන යානා නේවාසික නොවන ගොඩනැගිලිවලට කඩා වැටුණු බවද ඒ මහතා පැවසුවේය.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සඳුදා(24 ) උදෑසන “මිනිසුන් රහිත ගුවන් යානා දෙකක් භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කියෙව් පාලන තන්ත්‍රය දැරූ උත්සාහයක්” වැළැක්වූ බවයි.

https://t.me/ENews112/14688

ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන මූලස්ථානයට නුදුරින් පිහිටි මොස්කව් නගරයේ කොම්සොමොල්ස්කි ප්‍රොස්පෙක්ට් ප්‍රදේශයේදී ඩ්‍රෝන කොටස් කිහිපයක් හමු වූ බව TASS ප්‍රවෘත්ති සේවය පැවසුවේය.එලෙසම රුසියානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රදේශයේ ගමනාගමනය අර්ධ වශයෙන් සීමා කර ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස වැසියන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

ඩ්‍රෝන යානය නේවාසික නොවන ගොඩනැගිල්ලකට කඩා වැදී ඇති අතර, පිපිරුම් රැල්ලට ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිලිවල ජනේල පුපුරා ගොස් ඇති බවද වාර්තා වේ.කෙසේ වුවද ජීවිත හානි හෝ තුවාල පිළිබඳ වාර්තා වී නැති බව එරටින් ලැබෙන පුවත් වාර්තා වලින් පැවසේ. හදිසි සේවා ප්‍රහාරය සිදු වූ ස්ථානයේ ක්‍රියාත්මක වන අතර, බහුවිධ පොලිස් කාර් සහ ගිලන්රථ අයත් වීඩියෝ පට සමාජ ජාල වල සංසරණය වෙමින් පවතී.

https://t.me/ENews112/14689

දෙවන ඩ්‍රෝන යාන ප්‍රහාරය ප්‍රංශ නිවාස වැඩිදියුණු කිරීමේ දැවැන්තයා වන “ලෙරෝයි මර්ලින්” සමාගමට සත්කාරකත්වය සපයන දකුණු මොස්කව්හි උස් ගොඩනැගිල්ලකට එල්ල කර ඇති බව පෙනෙන්නට තිබේ යැයි මොස්කව් ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත පැවසීය.රුසියානු ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් ප්‍රදේශයේ මාර්ග අර්ධ වශයෙන් වසා දැමුණු අතර රථවාහන ගමනා ගමනය සඳහා විකල්ප මාර්ග හඳුන්වා දෙනු ලැබීය.
මෙම මස මුල් සතියේදී යුක්රේනය මීට පෙර මොස්කව් කලාපය සහ මොස්කව් අගනුවර ඉලක්ක කර පහර දීමට උත්සාහ කරනු ලැබුවේය. කෙසේ වුවද ප්‍රහාරය සඳා Novaya Moskva හරහා පැමිණි නියමුවන් රහිත ගුවන් යානා හතරක් ගුවන් ආරක්ෂක මගින් වෙඩි තබා බිම හෙළන ලද අතර, තවත් එකක් යානයක් විද්‍යුත් යුධ උපක්‍රම  භාවිතය හේතුවෙන් අක්‍රිය වීමෙන් පසු කඩා වැටුණි.

පසුගිය මාසයේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කියෙව් විසින් ඩ්‍රෝන යානා අටක් ඇතුළත්ව මොස්කව් වෙත ප්‍රහාරයක් දියත් කර ඇති අතර ඒවා ගුවන් ආරක්ෂක මගින් වෙඩි තබා හෝ විද්‍යුත් යුධ උපක්‍රම භාවිතය මගින් මර්දනය කළ බවයි.කෙසේ වුවද මෙම ප්‍රහාර හේතුවෙන් නේවාසික ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති නමුත් බරපතල තුවාල සිදුවී නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More