දේශීය පුවත්

ආබාධිත රණවිරුවන් අධිෂ්ඨාන පූජා පවත්වමින් ඉල්ලා සිටින්නේ කුමක් දැයි ලංකා ලීඩ් ජාතික සංවිධාන එකමුතුවෙන් විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක් වූ අදහස් ඔහුගේ වචනයෙන්,

“අපි වෙනුවෙන් අපි රණවිරු සහයෝගීතාවය ඉල්ලා සිටින්නේ ඉතා සාධාරණ තමන්ට ලැබිය යුතු සහ ලබාදෙන බවට පොරොන්දු වූ දේවල් ප්‍රමාණයක්. ආබාධිත රණවිරුවන්ගේ සලාක දීමනා කපා දමා තිබුණා. දීර්ඝ කාලයක් උද්ඝෝෂණ කරමින් පසුව තමයි ඒවා ලබාදුන්නේ. ඒත් ආබාධිත රණවිරුවකුගේ මරණයෙන් පසුව භාර්යාවට විශ්‍රාම වැටුප් ගෙවීම ආණ්ඩුව දිගින් දිගටම පැහැර හරිනවා. ඊට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතියත් තිබිය දී ඒක කරන්නේ නැහැ.

ඒ ආකාරයට රණවිරුවන්ට අවමන් කරන්නේ හමුදාවට බැඳෙන එක එපා කරවන්න සහ හමුදාවෙන් ඉවත්ව යාමට දිරිමත් කිරීම සඳහා කියන එක පැහැදිලියි. හමුදාවේ පිරිස් බලය 50% කින් අඩුකරන්න සහ උතුරු හා නැගෙනහිර පළාත්වලින් කඳවුරු ඉවත් කරන්න ආණ්ඩුව එකඟවෙලා තියෙනවා. මේවා සියල්ල කරන්නේ බෙදුම්වාදීන් සතුටු කරන්න. මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කළ වරදකරුවන්ට සමාව දෙනවා. නිරපරාදේ දඬුවම් විඳින මේජර් අජිත් ප්‍රසන්නට සමාව දෙන්නේ නැහැ. ජනාධිපති සමාව අවභාවිතා කරන්නෙත් බෙදුම්වාදීන් සතුටු කරන්න.

එදා රණවිරුවෝ ජීවිත පූජා කළේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම හෙවත් වෙනම රාජ්‍යයක් බිහිකිරීම වළක්වන්න. අද රණවිරුවෝ, ඔවුන්ගේ භාර්යාවන්, දරුවන් දුකට පත්කරන අතර, 13 බන්දේසියක තියලා බෙදුම්වාදීන්ගේ අතට දෙන්න සූදානම් වෙනවා. මේ අපරාධ සියල්ල කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ දී සුළු ජන ඡන්ද දිහා බලාගෙන. මේ ජනාධිපති බලයට ගේන්න, හිටපු ජනාධිපති එළවන්න බෙදුම්වාදීන් බරපතළ මැදිහත් වීමක් කළේ මේ ප්‍රතිඵලය දිහා බලාගෙන තමයි.”



One thought on “ආණ්ඩුව බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා රණවිරුවන් දුකට පත්කරනවා – ජාතික සංවිධානවලින් චෝදනා”

  1. Oba hariyetama hari.kesei hoe mema paawadhiima api nathara karanaat one.RAnil karaanmei paavaadhiima at Rajapaksa sanhatiyama wagkiyanta one.Eya walakvanta ovunta thawama kal thiyenavaa. esei nokaloth Sinahla jaathiyayi mei ratatayi Sambudhdha saasanayatayi ovun sadaakaalika drohiyo wenava
    Sudath Gunasekara

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More