2022 සහ 2023 වර්ෂවල ඖෂධ මිලදී ගැනීම් සහ බෙදාහැරීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු සියලු ආයතන ආවරණය වන පරිදි එම විමර්ශනය සිදුකරන බවයි විගණකාධිපතිවරයා පවසන්නේ.
ඒ අනුව ලබන සතිය තුළ දී එම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පවසයි.
මේ අතර, ඖෂධ මිලදී ගැනීම් සහ ඒවා බෙදාහැරීම් පිළිබඳ පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් ද මේ වන විටත් විගණකාධිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහි විමර්ශන කටයුතු මේ වන විට අවසන් අදියර පැමිණ ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...