Notice Board

ජනතාවට අර්බුද විනිවිද දැකීමට, දේශපාලන අවබෝධය ලබාදීම පිණිස ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් මීට අඩසියවසකට පමණ පෙර රචිත “ද්විඝටනාත්මක භෞතිකවාදය” සහ “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර(පරිවර්තන)“ යන කෘතීන් ද්විත්වය ජූලි මස 25 වන අඟහරුවාදා(හෙට) සවස 3:30ට කොළඹ 07, නිදහස් මාවත, අංක 14 යන ලිපිනයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී නැවත උත්සවාකාරයෙන් එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

මෙම උත්සව සභාවේ මුලසුන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් දරනු ලබන අතර, හැඳින්වීමේ දෙසුම නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් සිදු කරනු ලබයි. ආරාධිත දෙසුම “ලාංකීය සමාජ විප්ලවය සඳහා මාක්ස්වාදය සහ බුදුදහම අතර පාලමක්” යන මැයෙන් මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියෝ සිදු කරනු ලබති.

මෙම උත්සවයට සංවිධාන දායකත්වය සපයනු ලබන්නේ ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය හා කඩුල්ල ප්‍රකාශන ආයතනය විසිනි. බුද්ධිමය සංවාදයක් මෙම අවස්ථාව සඳහා පැමිණීම අගයකොට සලකන බව ද සංවිධායක මණ්ඩලය පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More