දේශීය පුවත්

1983 වසරේ දී යාපනය තින්නවේලි ප්‍රදේශයේ දී LTTE සංවිධානය විසින් සිදුකළ පළමු ප්‍රහාරයේ සත්‍ය තොරතුරු එවකට යුද හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියේ නිරත වී සිටි එම ප්‍රහාරයේ දී දිවි ගලවාගත් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන උපාලි පෙරේරා මහතා හෙළිදරව් කරයි.

LTTE සංවිධානයේ ආරම්භක යුගය වූ එම අවදියේ දී ඔවුන් සිදුකළ විවිධ ප්‍රහාරවල අරමුණ වූයේ ආයුද රැස්කිරීම හා මුදල් රැස්කිරීම බවයි ඒ මහතා පවසන්නේ. 1983 වසරේ ජුලි 23 දා මාදගල ප්‍රදේශයේ සිට ගුරුනගර් දක්වා සිදුකළ යුද හමුදා මුර සංචාරයක දී යාපනය, පලාලි මාර්ගයේ තින්නවේලි ප්‍රදේශයේ දී ත්‍රස්තවාදීන් රැකසිට එල්ල කළ මෙම ප්‍රහාරයේ මිලේච්ඡත්වය හෙළිකරමින් ඔහු පවසන්නේ වෙඩි තැබීම් හා බෝම්බ ප්‍රහාරයන්ගෙන් තුවාල ලද හා මරණාසන්නව සිටි හමුදා සොල්දාදුවන්ගේ ආයුද රැගෙන යාම සඳහා කොටි ත්‍රස්තයන් විසින් හමුදා සොල්දාදුවන්ගේ අත පය කපාදැමූ බවය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මෙම ප්‍රහාරයට එක් වූ බවද, ඉන්පසුව LTTE ත්‍රස්තවාදීන් සිදුකළ කිසිඳු ප්‍රහාරයකට ඔහු යුද බිමිට නොයා නායකයා ලෙස උපදෙස් ලබාදීම පමණක් සිදු කළ බව ද ඒ මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරයෙන් පසුව දකුණ ගිණිගත් ආකාරය ගැන ද ඒ මහතා මෙහිදී හෙළිදරව් කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More