දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබේ.
ඒ අනුව අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් විසින් ආරම්භය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...