බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසන්නේ චීනයේ සයිනොපෙක් සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,
“ලබන මාසයේ මුල් සතිය වෙද්දි පළවෙනි ෂිප්මට් දෙක සයිනොපෙක් සමාගමෙන් එනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා සමාන්‍යයෙන් එළියට ගිය ඩොලර් ප්‍රමාණය CPC එකෙන් 20%ක් පළවෙනි මාසය තුළම අඩුකර ගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම මාසිකව 45%ක් දක්වා ඒ එළියට ගිය ඩොලර් ප්‍රමාණය අඩුකර ගන්න හැකියාව ලැබෙනවා. ඊට සාපේක්ෂව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා එක්කෝ QR කේතය වැඩිකර ගත හැකියි. නැත්නම් සම්පූර්ණයෙන්ම අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...