දේශීය පුවත්

මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර තිබිණි.

එහිදී අදාළ ඖෂධයේ කාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට හදුනාගෙන ඇති බව වාර්තා වී ඇත.

ඒ අනුව අදාළ කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය විසින් සියලු රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More