මෙරට දරිද්‍රතාව පිටුදැකීමට සහ සහල් නිෂ්පාදනයට සහාය වීමට සූදානම් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය යුවාන් ජියාජුන් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබේ.
චීනයේ චොන්ග්කිංග් නගරයේ නාගරික කමිටු ලේකම්වරයාද වන ජියාජුන් මහතා ඊයේ (22) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඇති බව වාර්තා වෙයි.
එහිදී දෙමුහුන් සහල් වර්ග සහ අනෙකුත් ආහාර බෝග පිළිබඳ විශේෂඥයන් ශ්‍රී ලංකාවට ලබාදීමට ඔහු එකඟතාව පළකර තිබේ.
එමඟින් සහල් අස්වැන්න කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට හැකිවන අතර, ආහාර සුරක්ෂිතතාවට මෙන්ම දරිද්‍රතාව තුරන් කිරීමටද හැකිවනු ඇති බව යුවාන් ජියාජුන් මහතා අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...