බැංකු විශේෂ විධිවිධාන පනතේ 39 වැනි වගන්තිය මගින් බැංකුවල මුදල් තැන්පතුකරුවන් හා බැංකුවලට ණය ලබාදී ඇති අය වෙනුවෙන් විශේෂ රක්ෂණ ක්‍රමයක් අරඹන බව දක්වා ඇති බවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ 08 වැනි වගන්තියෙන් බැංකුවේ වත්කම් ප්‍රමාණවත් නොවන අවස්ථාවක දී තැන්පත්කරුවන්ගේ මුදල් හා පොලිය ගෙවීම සිදුකරන අයුරු දක්වා තිබුනද බැංකු විශේෂ විධිවිධාන පනතෙන් ඉතිරිකිරීමේ පනත බල රහිත කිරීමෙන් තැන්පත්කරුවන්ට සිදුවන්නේ කුමක්දැයි බරපතළ ප්‍රශ්නයක් ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
1971 ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 08 වැනි වගන්තියේ බැංකුවේ වත්කම් ප්‍රමාණවත් නොවන අවස්ථාවක දී තැන්පත්කරුවන්ගේ මුදල් හා පොළි ගෙවීම ඒකාබද්ධ අරමුදලෙන් සිදුකරන බව පැහැදිලිව දක්වා තිබුන ද මෙම පනත, බැංකු විශේෂ විධිවිධාන පනත මගින් බලරහිත වන බවයි ඒ මහතා පවසන්නේ.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...