දේශීය පුවත්

අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් කිසිදු ව්‍යාපාරයකට සහාය දැක්වීමට එකඟ නොවූ බවද ඔහු වැඩිදුරටත් පවසයි.

සාගර කාරියවසම් මෙම අදහස් පළ කළේ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹදෙණිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

මේ අතර, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා කාලය තුළ ක්‍රියාත්මක නොකළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More