අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත්තේ ජනතා සුබසිද්ධියට නොවන බවත්, එමගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට සීමා පැනවීම සිදු වන බවත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ නීතිඥ දර්ශන වේරදූව මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය මගින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී නීතිඥ දර්ශන වේරදූව මහතා පැවසුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට 2016 දී ගෙන ආ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද ප්‍රතිපාදන ඇති බවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, අධිකරණ සංවිධාන පනතේ, සිවිල් නඩුවිධාන සංග්‍රහයේ හා අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ද මේ සඳහා ඕනෑතරම් ප්‍රතිපාදන ඇති බවය.
ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ මෙතරම් සීමා අවශ්‍ය නොවන බවත්, ආණ්ඩුව මේ උත්සාහ දරන්නේ නැති ප්‍රශ්නයක් ඇති කිරීම සඳහා බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...