දේශීය පුවත්

රටෙත්, සම්බුද්ධ ශාසනයේත් සුරක්ෂිතභාවය උදෙසා ‘රණවිරු අපි වෙනුවෙන් අපි’ ජාතික එකමුතුවෙන්  අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස සලපතල මළුවේ දී අද(22) දින විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි.

මෙම අධිෂ්ඨාන පූජාව සඳහා ආබාධිත රණවිරුවන් 500 කට අධික පිරිසක් සහභාගී වූ අතර, එම අවස්ථාවට ජාතික සංවිධාන නියෝජනය කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා ද සහභාගී වී සිටියහ.

එම අධිෂ්ඨාන පූජාව පහළින්…

මේ තාක් ලොවට පහළවූ සියලුම බුදු රජාණන් වහන්සේලාගේ අධිෂ්ටානය පරිදි බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් ද, මෛත්‍ රීබෝධ්සත්වයින්වහන්සේ ඇතුලු සියලු බෝධිසත්වයින්වහන්සේලාගේ අධිශ්ටානය පරිදි උන්වහන්සේ ලා පිරූ පාරමීදම් වල ආනුභාවයෙන් ද,ගෞතම සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් පැවතීම උදෙසා මේ රට ආරක්ශා වේවා !!

මේ තාක් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා වරින් වර යුධ වැදුනු සොල්දාදුවන්ගේ අධිශ්ටානය පරිදි නැවැත කිසිම දිනක ආක්‍රමණවලට හසු නොවන ආකාරයට මේ රට ආරක්ශා වේවා !!

යුධ වැදී මිය ගිය සහ ජීවත්ව සිටින සොල්දාදුවන්ට මේ රටත්, සම්බුද්ධ සාසනයත් රකින්න තව තව ශක්තිය ලැබේවා !! එදා ගැමුණු කුමරුගේ අදිටන පරිදි (මාගේ මේ ව්‍යායාමය සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසාම පමණයි) අපගේ වෑයම රටේත්, සම්බුද්ධ සාසනයේ ත් චිරස්ථිතිය උදෙසාම වේවා!!

ආබාධිත හා ජීවතුන් අතර සිටින අය රැකගන්න සුදුසු නායකත්වයන් රට තුල තව බිහිවේවා!!

මෙම අධිෂ්ඨාන පූජාව රණවිරු අපි වෙනුවෙන් අපි ජාතික සංවිධානයේ සභාපති බලලත් නිලධාරී ජයලාල් නිශ්ශංක මහතා විසින් සංවිධානය කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More