අද දින පාර්ලිමේන්තුවේ දී මුලතිව් හි කුරුන්දි අශෝක විහාරය සම්බන්ධයෙන් හා වර්තමානයේ එහි ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළේය.
එහිදී ජයන්ත සමරවීර මහතා මතුකළේ අද දිනයේත් දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රවීහරන් ඇතුළු පිරිසක් මෙම විහාර භූමියේ පෝංගල් උත්සවයක් පැවැත් වීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇති බවත්, 1931 දී කුරුන්දි විහාර ගැසට් කිරීමේ දී මෙය බෞද්ධ පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත ස්ථානයක් බව ප්‍රකාශකර ඇති බවත්ය. මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් සිදු කිරීමේ දී ද හින්දු කොවිලක හෝ හින්දු ස්මාරකවල නටඹුන් කිසිවක් මතුවී නොමැති බවත් ඒ මහතා පැහැදිලි කළේය.
මෙම ගැටලුවට හේතුවී ඇත්තේ කුරුන්දි විහාරය බෞද්ධ පුරාවස්තුවක් ලෙස නම් නොකිරීම බව පෙන්වා දුන් ජයන්ත සමරවීර මහතා, එසේ බෞද්ධ පුරාවස්තුවක් ලෙස නම් කිරීමට යෝජනා කරන බවත්, ඒ සඳහා ඇති හැකියාව පිළිබඳව හා එසේ කරන්නේ නම් ඒ කවර දිනක දී දැයි ප්‍රශ්නකර සිටියේය.
එයට පිළිතුරු ලබා දෙමින් බුද්ධ ශාසන අමාත්‍යවරයා පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනට නඩු දෙකක් විභාග වෙමින් පවතින බවත්, නීති උපදෙස් ලබා ගනිමින් මෙම යෝජනාව ඉටු කිරීමට පොරොන්දු වන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...