පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සහාව එලෙස වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.
එම කාරක සභාවේ සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් එම වාර්තාව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
අදාළ වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැති අතර, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කරන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට උසස් අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...