දේශීය පුවත්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය සැබවින්ම ඇස් බැන්දුමක් බවත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය පවසයි.

ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය මගින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ මහතා පැවසුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, අධිකරණ සංවිධාන පනතේ, සිවිල් නඩුවිධාන සංග්‍රහයේ හා අපරාධ නඩුවිධාන සංග්‍රහයේ මෙන්ම වෙනත් නීතිවල ඕනෑතරම් ප්‍රතිපාදන ඇති බවය.

එහෙත් එම ප්‍රතිපාදන එසේ තිබිය දී  අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වෙනම පනතක් සම්මත කිරීමට උත්සාහ දරන්නේ හොර රහසේ තමන්ගේ ආධිපත්‍ය තබා ගැනීමට බව ද, මෙමගින් ජනමාධ්‍ය වේදීන්ට මෙන්ම සමාජ මාධ්‍ය හා ජනමාධ්‍යයට ද විශාල බලපෑමක් සිදුවන බවද ඒ මහතා සඳහන් කරයි.

ආණ්ඩුව පසුගිය කාලය පුරාම මාධ්‍ය මර්ධනයට, රාජ්‍ය සේවකයා මර්ධනයට, වෘත්තීය සමිති මර්ධනයට විවිධ පනත් ගෙන ආ බවත්, මෙම පනතත් එහි දිගුවක් බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More