අර්බුද විනිවිද දැකීමට දේශපාලන අවබෝධය ලැබීම පිනිස ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් මීට අඩ සියවසකට පමණ පෙර ලියන ලද “ද්විඝටනාත්මක භෞතිකවාදය(නැවත මුද්‍රණය) සහ “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර(පාරිවර්තන)“ යන කෘතීන් ජූලි මස 25 වන අඟහරුවාදා සවස 3.30 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී නැවත එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.
මෙහි මුලසුන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් දරනු ලබන අතර, හැඳින්වීමේ දෙසුම නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් සිදුකරනු ලබයි.
ආරාධිත දෙසුම මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියන් විසින් සිදුකරනු ලබති.
මෙම උත්සවය සංවිධාන දායකත්වය සපයනු ලබන්නේ ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලංකා සංසදය හා කඩුල්ල ප්‍රකාශන ආයතනය විසිනි.
එම උත්සවය සඳහා සියලු දෙනාගේ පැමිණීම අගයකොට සලකන බව සංවිධායක මණ්ඩලය පවසති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...