දේශීය පුවත්

බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බවය.

කොළඹ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“නව මහ බැංකු පනත අවසානයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න හැකිවුණා. දැන් එය නීතියක් බවට පත්ව තිබෙනවා. එය දේශීය මිල ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධති ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අපට පැවරී තියෙන වගකීමට වඩාත් ස්වාධීනත්වයක් ලබාදීලා තියෙනවා වගේම වැඩි ශක්තිමත් වගවීමක් ලබාදීලා තියෙනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය අතර ඇති වෙනස පිළිබඳ පැටලිලි සහගත තත්වයක් නිර්මාණය වී තිබුණා. පාර්ලිමේන්තුවේදීත් සමහරු කියනවා ඇහුනා රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට බව. ඔවුන් කතාකරන්නේ මහජන මූල්‍ය බලය පිළිබඳ. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නෙමෙයි. අපිට දැන් නව ව්‍යුහයක් තියෙනවා. මූල්‍ය මණ්ඩලය සහ පාලක මණ්ඩලය. අපි මේ මාසයේ අවසන් වෙද්දී තනි ඉලක්කමේ උද්ධමන අගයක් අත්පත්කරගන්න තැනක ඉන්නවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More