දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට ගියේ ටෙලිකොම් සභාපතිවරයා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කුමන්ත්‍රණයක් මාර්ගයෙන් ඉවත්කරමින්, ටෙලිකොම් විකිණීමට වැඩ අල්ලා බව ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ටෙලිකොම් සභාපති වශයෙන් සිටි රොහාන් ප්‍රනාන්දු මහතා ටෙලිකොම් විකිණීමට විරුද්ධව කටයුතු කළ අයෙකු බවත්, ඔහුව එම තනතුරෙන් ඉවත්කර අලුතෙන් සභාපතිකමට පත් වූ රියාස් මියුලර් යනු ටෙලිකොම් විකිණීමේ බ්‍රෝකර් කරුවකු බවත් ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

අද(21) පැවැති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක දී ඒ මහතා පැවසුවේ රියාස් මියුලර් යනු ජනාධිපතිවරයා දැනට මාස කිහිපයකට පෙර ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ පුද්ගලයකු බවත්, ටෙලිකොම් විකිණීමේ බෝ‍ර්ක කරුවා වන්නේ ඔහු බවත් ය.

ටෙලිකොම් ආයතනය ලාභ පිට ලාභ ලබන ආයතනයක් මෙන්ම ජාතික ආරක්ෂාවට වැදගත් මරමස්ථානයක් බවද පෙන්වා දෙන ඒ මහතා, මෙය මිල දී ගැනීමට සුභාෂ් අලිරාජා මේ වන විට සැදී පැහැදී බලාසිටින බවද සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More