දේශීය පුවත්

කුරුඳුමලේ දී හින්දු ආගමික වතාවත් වලට බාධා කළ පිරිස් ගැන අධිකරණය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවද්දී, ඊට හවුල් වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවට ජනාධිපතිවරයා දෙමළ දේශපාලන නායකයකුට පොරොන්දුවී ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

ආගමික ඇදහිල්ලට බාධා කළ බවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා, සිංහලයන් හා ඊට සහාය දැක්වූ පොලිසියට එරෙහිව ගොනු කළ පැමිණිල්ල ඊයේ [20] විභාගයට ගත් අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත් ටි. සරවනරාසා නියම කර ඇත්තේ අදාළ සිද්ධිය ගැන පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාවක් අගෝස්තු 08 වැනිදාට ඉදිරිපත් කරන ලෙසය.

පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ සාමය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වූ බවය.

කෙසේ වෙතත්, සිය ඉන්දීය නිල සංචාරයට පිටත්වීමට මත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ට ජනාධිපතිවරයා කියා ඇත්තේ පොලිසියේ බාධා කිරීම් ගැන සම්පුර්ණ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ” පොංගල් පුජාවට බාධා කරපු නියෝජ්‍ය පොලිස් අධිකාරි සමුද්‍රජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණා,” යැයි PLOTE නායකයා පවසා තිබේ.

ආගම ඇදහීමේ අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන්වූ පීටර් ඉලන්චේලියන්, ඇන්ටනි ජයන්තන් සහ රත්නම් ජෙගදීසන් හා මාධ්‍යවේදී විජයරත්නම් සරවනන් විසින් ද වවුනියාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇති බවත් සඳහන්ය.

එම පැමිණිලි පිටපත් උතුරේ සංචාරයක නිරත වූ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් වෙතද භාරදී ඇති බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More