දේශීය පුවත්

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑමට යටත් වී විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට වගකීමට බැඳී නැති, මුදල් මණ්ඩලයට ලෝකයේ ඕනම තැනක රැස්වීමට හැකි ආයතනයක් ලෙස මහ බැංකුව ස්වාධීන කිරීමට උත්සා දැරුවද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන නිසා එය යම්තාක් දුරකට හෝ ගලවා ගැනීමට හැකි වී ඇති බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එසේ වුවේ තමන් හා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙන්ම පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යන අය වෙන වෙනම මෙම පනතට එරෙහිව ගොනු කළ පෙත්සම් නිසා බවද, ඒ සඳහා ස්වේච්ඡා වෙන්ම ඉදිරිපත්ව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වූ නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයට ස්තුතිවන්ත වන බවද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනතට සංශෝධන 80කට වැඩි ප්‍රමාණයක් නිර්දේශ කර ඇති බවත්, ඒ හරහා ලෝක බලවතුන්ගේ අල්ලේ නැටවෙන්න ගිය මහ බැංකුව යම් තරමකින් හෝ ගැලවී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පවසයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More