දේශීය පුවත්

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් තමා ඉවත් කරනු ලැබුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව බවද රටට කීර්තිය ගෙනා හොඳ ව්‍යවසායකයෙක් වන තමාට එය අහිමිවීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැතැයිද ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) පෙරවරුවේ පැවති අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේදී න්‍යාය පත්‍රයේ නොතිබූ යෝජනාවලියක් ගෙනා අධ්‍යක්‍ෂ මණ්ඩලය තමා සේවයෙන් ඉවත් කිරීමට තීරණයක් ගත් බවත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා කීය.

එහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරු දස දෙනාගෙන් හයදෙනකුම තමාව තනතුරින් ඉවත් කිරීමට අදාළව ඡන්දය ප්‍රකාශ කළ බවද රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස්වලින් සියයට 44.5 ක් හිමි මැලේසියානු සමාගමේ අවශ්‍යතාව මත තමා සභාපති තනතුරින් ඉවත් කළේ දැනටමත් විකුණා තිබෙන ආයතනය යළි විකිණීමට ගන්නා උත්සාහයට තමා විරුද්ධ වූ නිසා යැයිද හිටපු ටෙලිකොම් සභාපතිවරයා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වූ පසු එතුමා කළ ඉල්ලීමකට අනුව තමා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර භාරගත් පසුව එය ලාභ ලබන ශක්තිමත් සමාගමක් බවට පත් කිරීමට සමත් වූ බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙහි රජය සතු සියයට 49.4 ක අයිතිය කොටස් වෙළෙඳපොළට දමා තිබෙන නිසා යළි මෙය ප්‍රතිව්‍යුහගතකරණය හෝ බහුජාතික සමාගමකට අලෙවි කිරීමේ අවශ්‍යතාවක් නැතැයි තමාගේ ස්ථාවරය බවද එහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කීය.

රටක ප්‍රමුඛම දේ ජාතික ආරක්‍ෂාව බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි රටේ ආරක්‍ෂාවට අතිශය බලපාන ආයතනයක් බහු ජාතික සමාගම් වෙත නතු නොකළ යුතු බවද සභාපතිවරයා එහිදී සඳහන් කළේය.

සයිබර් අවකාශය ආරක්‍ෂා කිරීම අමෙරිකාව, ඊශ්‍රායාලය, චීනය, රුසියාව වැනි රටවල් ප්‍රමුඛත්වයේ ලා සලකන්නේ ඒ හරහා රටක ජාතික ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි නිසා යැයිද ඒ මහතා කීය.

2019 වසරේදී රුපියල් කෝටි 600 ක් (බිලියන 6) ක් වැයකර මෙරට ස්ථාපිත කිරීමට ඊශ්‍රාලයෙන් ගෙනා සයිබර් ආරක්‍ෂක පද්ධතියට සිදුවී ඇති දේ සොයාබැලීම මාධ්‍යවේදීන්ගේ වගකීමකැයිද හිටපු සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කළ කාලයේදී වෘත්තීය සමිති, සේවකයන් හා එක්ව ආයතනය ලාභ ලබන ලෙස ඉහළට ගෙනා බවත් මෙය ශ්‍රී ලංකාවේ හොඳම සමාගම කිරීමේ සැලසුම් ආරම්භ කර තිබූ බවත් ඒ මහතා කීය. මේ පිළිබඳ තමාට කිසිදු කනගාටුවක් නැති බවත් හොඳ ව්‍යවසායකයෙකු ලෙස තවදුරටත් කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කළ නිලධාරීන් වික්‍රමසිංහ පාලනයක් යටතේ ඉවත් කිරීම හරහා ආණ්ඩුව අර්බුදයකට යා හැකි නොවේදැයි මෙහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ටෙලිකොම් සභාපතිවරයා කීවේ මේ ගන්නා ඇතැම් තීන්දු දකින විට අබසරණයි කියා තමාට සිතෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More