දේශීය පුවත්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා විසින් එවනු ලැබ ඇති ලිපියට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්ට බලපෑම් එල්ල කරන්නේ නම් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලුම ග්‍රාම නිලධාරීන් සිය රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා වෙත එම සන්ධානය ලිඛිත දැන්මු දීමක් ද කර ඇත.

ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා යවා ඇති එම ලිපිය මගින් ග්‍රාම නිලධාරීන්ගේ එදිනෙදා සාමාන්‍ය රාජකාරි කටයුතුවලට ගැනෙන සහතික හා තොරතුරු නිකුත් කිරීම මෙන් ම වාර්තා තබා ගැනීම තුළින් වක්‍රාකාර ලෙස තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට යෝජනා කර ඇතැයි ද, මෙමගින් ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා සිය විෂය පථය අතික්‍රමණය කරමින් තමන්ට අදාළ නොවන අනෙකුත් සේවාවන් හා රාජකාරි වෙත අනවශ්‍ය හා නීත්‍යනුකුල නොවන මැදිහත්වීමක් සිදු කිරීම සඳහා සිය බලය අනිසි ලෙස පරිහරණය කිරීමට උත්සහ දරන බව එම ලිපිය මගින් ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දී තිබේ.

අදාළ දැනුම් දීමේ ලිපිය පහළින්…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More