උතුරු මැද පළාතට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගණනාවකට පානීය ජලය මෙන්ම වගාවන්ට ජලය හිඟවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.
අනුරාධපුර තිසා වැව, නුවර වැව හා තුරුවිල යන වැව් තුන සඳහා ඉදිරි තෙසතිය තුළ මහවැලි ජලය නොලැබුණොත් අනුරාධපුර නගරය හා තදාසන්න ප්‍රදේශවල පදිංචි ජල පාරිභෝගිකයන් හැට දහසකට පමණ දිනක් හැර දිනක් පානීය ජලය සැපයීමට සිදුවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (උතුරු මැද) පද්මා ගුණවර්ධන මහත්මිය පවසන්නේ.
ඉදිරි මාසවල මෝසම් වැසි ලැබෙන තෙක් එම වැව් තුන සඳහා මහවැලි ජලාශවලින් ජලය ලබා දෙන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ඉල්ලීම් කරනු ලැබ ඇති බවත්, පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන පානීය ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසට සියලු ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් පද්මා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.
මේ අතර, පවතින දැඩි සුළං සහිත වියළි කාලගුණයත්, පදවිය ජලාශයේ පවතින සීමිත ජල ප්‍රමාණයත් දෙස බලන විට මෙවර යල් කන්නයේ වගා කර ඇති කුඹුරු අක්කර 10,000කට වැඩි ප්‍රමාණයක් විශාල අවදානමක පවතින බැවින් ඉදිරියේදී මුහුණපාන එම අවාසනාවන්ත තත්ත්වය මගහරවා ගැනීමට නම් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි පදවිය වාරිමාර්ග ඉන්ජිනේරු ජේ.සී. කස්තුරිආරච්චි මෙනෙවිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...