දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායක ආර්.සම්බන්ධන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට යොමුකර ඇති නවතම ලිපියේ භාවිත කර ඇති වචන මාලාව ඛලිස්තාන් බෙදුම්වාදීන්ගේ භාෂාවට සමාන බව, අලුතින් පිහිටුවන ලද තරුණ පක්ෂය වන නව ජනතා පෙරමුණ (NPF) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් වෙත ලිපියක් යවමින් පවසා ඇති බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානය දැන් භාවිත කරන වචන මාලාව කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල ‘ඛලිස්තාන් බෙදුම්වාදීන්’ භාවිත කරන වචන මාලාවට බෙහෙවින් සමාන වන බවත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැටුමක් නිර්මාණය කිරීම දෙමළ ජාතික සන්ධානයේ සම්ප්‍රදාය වී ඇති බවත්, ශ්‍රී ලාංකික නායකයකුගේ සංචාරයකට පෙර ඉන්දීය රාජ්‍ය නායකයන් සමඟ ලිපි හුවමාරු කිරීම ද එම පක්ෂයේ සිරිතක් බවත් NPF සිය ලිපියේ වැඩිදුරත් සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...