ඉකුත් දා මෙරට කැනඩා තානාපතිවරයා මුලතිව් ප්‍රදේශයේ සංචාරයකට ගොස් ඇති බවත්, එහිදී දෙමළ අන්තවාදී පිරිස් විසින් කුරුන්දි විහාරය පිළිබඳව ව්‍යාජ තොරතුරු හා විකෘති කරන ලද ඉතිහාස කාරණා ඇතුළත් ලේඛනයක් කැනඩා තානාපතිවරයාට ලබාදී ඇති බවත් කුරුන්දි විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සාන්තබෝධි හිමියෝ සඳහන් කරති.
කුරුන්දි විහාරය මුල්කර ගනිමින් අන්තවාදී කෝලහාලයක් ඇති කිරීමට මෙම බෙදුම්වාදී පිරිස් උත්සාහ දරන බව ද පවසන උන්වහන්සේ, කැනඩා තානාපතිවරයා නොමගයවමින් ලෝක බෞද්ධ උරුමයක් බව සනාථ වී ඇති මෙම විහාරස්ථානය පිළිබඳව ව්‍යාජ තොරතුරු ලෝකයට පැවසීමට මෙම පිරිස් උත්සාහ දරන බවද පෙන්වා දෙති.
මෙය නිවැරදි කිරීම සඳහා කැනඩා තානාපති කාර්යාලයට වැඩම කළ බවද, එහිදී සත්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් කැනඩා තානාපතිවරයාට ලබාදුන් බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...