ශ්‍රී ලංකා තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන කොළඹ දී අභාවප්‍රාප්ත වී තිබේ.
1930 වසරේ මැයි මස 06 වනදා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ දී උපත ලැබු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මහතා මිය යන විට 93 වන වියේ පසුවුණි.
1950 දශකයේ දී තේ රස පර්යේෂකයෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ මෙරිල් ප්‍රනාන්දු මහතා පසුකාලීනව තේ වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළ අතර, 1985 වසරේ දී Dilmah සන්නාමය යටතේ ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යමින් මෙරට තේ කර්මාන්තය නව මඟකට ගෙන ඒමට ඒ මහතා පුරෝගාමී කාර්යයක් ඉටුකළේය.
මේ වන විට යුරෝපය, ඔස්ට්‍රේලියාව මැදපෙරදිග අප්‍රිකානු කලාපය ඇතුළු රටවල් 100කට අධික ප්‍රමාණයකට Dilmah Tea අපනයනය කරන බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...