පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (19දා) ප්‍රතික්‍ෂේප කර තිබේ.
රයිට් ටූ ලයිෆ් සංවිධානය විසින් ගොනු කර තිබූ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම නියෝගය ලබාදී ඇත.
මෙහිදී පෙත්සම්කරු එම නිසි කාලසීමාව ඉක්මයෑමෙන් අනතුරුව ගොනුකර ඇති බැවින් එය පවත්වාගෙන යෑමට අවසරදීමේ නීතිමය බලයක් නොමැති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...