කුරුන්දි විහාර පුරාවිද්‍යා භූමියේ සහ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යා උරුම කලමණාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්ථානවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති හරහා 06.08 දින දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රීට් අයැඳුම්පත (367/23), 2023.07. 20 දින විභාගයට ගැනීමට නියමිතය.
මෙහි පෙත්සම්කරුවන් වන්නේ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මුලතිව් අරක්ෂක සේනා ආඥාපති හා මානුෂික මෙහෙයුමේ 57 වැනි සේනාංකාධිපති වූ විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික බිගේඩියර් අතුල හේමචන්ද්‍ර ද සිල්වා හා විශ්‍රාමික ලුතිනන් කර්නල් අනිල් සුමේද අමරසේකරය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග, වත්මන් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රදීපා සේරසිංහ, ඉඩම් කොමසාරිස් ජෙනරාල්, හා නීතිපති නම්කොට ඇත.
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ප්‍රධාන නිතිඥ මඩුල්ලක් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...