දේශීය පුවත්

සක්විති වරද පිළිගනී

July 19, 2023 1:19 pm | Lanka Lead News

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබ ඇති අතර, එහිදී අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා ඇත.

පසුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වී තිබේ.

ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More