රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද (19) පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආර්ම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගත් බවය.
“රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නොමනා සහ පිළිගත නොහැකි හැසිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. දැන් දිගින් දිගටම දික්ගැස්සෙමින් යනවා. මේ ගැටලුව විසඳන්නේ නැතුව ප්‍රශ්නය දිගටම තියෙද්දි ගැටලුව විසඳීමට අසමත් වීම නිසා නැත්නම් ඒ ගැටලුව විසඳිය යුතු රෝහල් අධ්‍යක්ෂවරයා ඒ ගැටලුව විසඳන්න අසමත්වීම නිසා, ඔහුගේ නොහැකියාව නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවුණා මේ ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අරගෙන යන්න. ඔහු සතියක කාලයක් ඉල්ලුවා. දැන් සති තුනක් වෙනවා. තාමත් තමන් ලබාදුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ වෙනතුරුත් හැකියාව ලැබී නෑ. මේ ගැටලුව නොවිසඳීමට විරෝධය දක්වලා එම රෝහලේ භාහිර රෝගී අංශයේ පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. නමුත් හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි.”
මේ සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන්නේ මෙම වර්ජනය පිළිබඳ තමා දැනුවත් කර නොමැති බවය.
එමෙන්ම අදාළ විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් පවතින බවත්, එම වෛද්‍යවරියගේ වාට්ටුවට රෝගීන් ඇතුළු කිරීම පවා නතර කර ඇති බවත් සඳහන් කරන ඒ මහතා, රාජ්‍ය සේවා කොමිසම මඟින් පත්කළ වෛද්‍යවරියක් ඉවත් කිරීමට හෝ මාරු කිරීමට තමාට බලයක් නැති බවත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...