දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදී ඇත.
මෙලෙස පරීක්ෂා කිරීමට අවසර ලබාදී ඇති ගිණුම් අතරට දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිදට අයත් ගිණුම්ද ඇතුළත්ව ඇති අතර, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම බැංකු ගිණුම් හරහා රුපියල් කෝටි ගණනක මුදල් සංසරණය වී ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...