දේශීය පුවත්

කංසා ශාකය වාණිජ වගාවක් වශයෙන් සිදුකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

ආයුර්වේද වෛද්‍යවරු දෙදෙනකු වන කමල් බන්දුල වීරප්පෙරුම සහ ගල්හේනගේ නානායක්කාර යන අයවළුන් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

ආයුර්වේද වෛද්‍ය පනත සංශෝධනය කිරීමට අදාළ “ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත” ඉකුත් 05 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත්, මේ අවස්ථාව වන විටත් වගාකිරීමට යෝජනා කර ඇති කංසා ශාකය වාණිජ වගාවක් ලෙස පළාත් සභා ලැයිස්තුවේ ඇතුළත් කර ඖෂධ උද්‍යානවල වගා කිරීමට අදාළ විධිවිධාන අදාළ පනත් කෙටුම්පතේ 7 සහ 9 වැනි වගන්තිවලින් ඉදිරිපත් කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ආයුර්වේද විෂය පළාත් සභාවට අනුයුක්ත විෂයක් වන අතර මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජය විසින් පළාත් සභාවල අදහස් විමසීමක් සිදුකර නොමැති බව පෙත්සමේ සඳහන් කර තිබේ.

පළාත් සභාවල අදහස් විමසීමකින් තොරව අදාළ පනත් කෙටුම්පත සෘජුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය වී තිබෙන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More