දේශීය පුවත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයකින් වසර දහස් ගාණක් තිස්සේ පැවැත එන හෙළ වෙදකම කනත්තට යවා දේශීය වෛද්‍යවරයා හිරගෙට යැවීමේ කුමන්ත්‍රණයක් සූක්ෂමව ක්‍රියාත්මක වන බව පවසමින් දේශීය වෛද්‍යවරුන්ගේ එකමුතුව මඟින් ඉකුත්දා රත්නපුර ඔරලෝසු කණුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගේ එකමුතුවේ සභාපති වෛද්‍ය චින්තක ජයලත්ආරච්චි,

“2023 ජුනි 09 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයකින් හෙළ වෛද්‍යවරුන්ට ඉදිරියේදී විශාල ප්‍රශ්න රැසකට මුහුණපෑමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හරහා හෙළ වෙදකම කාටත් හොරා ඉතා සූක්ෂමව කනත්තට යැවීමටත් දේශීය වෛද්‍යවරයා සිරගෙට යැවීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ තුළින් සලසා තිබෙනවා.

මෙම පනත් කෙටුම්පතට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ නෑ. සංශෝධනය කිරීම හරහා ගැටලු මතුව තිබෙනවා. එම අහිතකර වගන්ති ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලනවා. එහෙම නොවුණොත් රට වටේ ඉන්න දහස් ගණනක් වූ හෙළ වෛද්‍යවරු කොළඹට එන්න කටයුතු කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More