දේශීය පුවත්

බිංගිරිය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය කූඨ ලේඛන සකස් කරමින් විවිධ අක්‍රමිකතා හා වංචා දූෂණ රැසක් සිදුකරමින් පැවැත්වූවක් බව වයඹ සමූපකාර කොමිෂන් සභාවේ හිටපු සභාපති නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ප්‍රගතිශීලී සමූපකාර එකමුතුව මගින් පසුගිය දා බිංගිරියේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී කරුණු දක්වමිනි.

වසර 15 ක් තිස්සේ එකම සභාපතිවරයකු යටතේ බිංගිරිය විවිධ සේවා සමූපකාර සමිතිය පාලනය වන බවත්, එම කාලය තුළ විවිධ වංචා දූෂණ රැසක් සිදුවී ඇති බැවින් ඒ ගැන කටයුතු කිරීමට සියලු දේශපාලන පක්ෂවල එකමුතුවකින් ‘ප්‍රගතිශීලී සමූපකාර එකමුතුව‘ නමින් සංවිධානයක් පිහිටුවා ගත් බවත් ඒ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“සාමාජික නාම ලේඛනය විධිමත්ව පවත්වාගෙන නොයෑම සහ යාවත්කාලීන නොකිරීම තුළ පසුගිය දා පවත්වන ලද නිලවරණය අසාධාරණ හා නීත්‍යානුකූල නොවන නිලවරණයක් බව පෙනීගොස් තිබෙනවා. සෑම වසරකම ජුනි 30 දිනට සාමාජික නාම ලේඛනය යාවත්කාලීන කළ යුතුව තිබුණත් එසේ සිදු වී නැහැ.

සමිතියේ ඇතැම් සාමාජිකයන්ගේ නම් ප්‍රාදේශිකවල ප්‍රසිද්ධ කර තිබූ පූර්ණ සාමාජික ලැයිස්තුවේ සහ ගැනුම් සටහන් ලේඛනයේ සඳහන් නොවීම නිසා සාමාජිකයන්ට නිලවරණයේ දී ව්‍යවස්ථානුකූලව විරෝධතා දැක්වීමට තිබූ ඉඩකඩ අහිමි වුණා. නම් ප්‍රසිද්ධකර නොතිබූ සාමාජිකයන් එම නිලවරණයේ දී ඉතා කූඨ අන්දමින් ප්‍රාදේශීය කාරක සභිකයන් ලෙස තේරීපත්ව, මහ සභාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

සමූපකාර රීති මාලාවට අනුව සාමාජික නාමලේඛනයේ සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය, සමාජිකයාට හිමි කොටස් ගණන යනාදිය සඳහන් කළ යුතුව තිබුනත් කිසිම ප්‍රාදේශිකයක් ඒවාට අනුව නාමලේඛන පවත්වාගෙන ගොස් නැහැ. එලෙසම එම නාමලේඛන නීති විරෝධී ආකාරයට, කූඨ ලෙස සකස් කරමින් සුදුසුකම් නැති සමාජිකයන්ගේ නම් ඇතුළත්කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට බිංගිරිය සමූපකාර සමිතියේ කාරක සභිකයන් ලෙස පත්වීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මේ ගැන කළ පැමිණිල්ලකට අනුව වයඹ සමූපකාර කොමසාරිස්වරයා විමර්ශනයක් ද අරඹා තිබෙනවා.

බිංගිරිය සමූපකාර සමිතියේ අතුරු ව්‍යවස්ථාවේ 31 (2) වගන්තියට අනුව සෑම ප්‍රාදේශිකයකටම එක් සාමාජිකයකු පත්කර ගැනීමේ බලය ලැබෙනවා. සෙසු මහා සභා සාමාජිකයන් පත්කරනු ලබන්නේ ප්‍රාදේශිකවල මුළු සාමාජික සංඛ්‍යාවට සාපේක්ෂවයි.

එහෙත් මියගිය සාමාජිකයන්ගේ නම් නාමලේඛනවල ඇතුළත් වීම, පූර්ණ සාමාජික ලේඛන අයථා ලෙස සකස්කර තිබීම, නාමලේඛන යාවත්කාලීන නොකිරීම හේතුවෙන් ප්‍රාදේශික 32 කින් යුතු බිංගිරිය සමූපකාර සමිතියේ ප්‍රාදේශික 10ක සමාජිකයන්ට මහා සභාවට සාමාජිකයන් පත්කර යැවීමට තිබූ අවස්ථාව අහිමිව තිබෙනවා.

ඒ අනුව මේ නිලවරණය දූෂිත නිලවරණයක් බැවින් ඊට එරෙහිව නීත්‍යානුකූල පියවරක් ගැනීමට සිදුවුණා. අප මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා” යැයිද කීය.

එම මාධ්‍ය හමුවේ දී ප්‍රගතිශීලි සමූපකාර එකමුතුවේ කැඳවුම්කරු සුදර්ශන මාරසිංහ, බිංගිරිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගුණතිලක වනසිංහ, එම සමූපකාර එකමුතුවේ සෙසු නිලධාරීන් වන බිංගිරිය සමූපකාර සමිතියේ හිටපු සභාපති රොච්න් ද සිල්වා, බිංගිරිය හිටපු ප්‍රාදේශීය උප සභාපති ලෙස්ලි කුමාර, එහි හිටපු විපක්ෂ නායක ඒ ප්‍රේමතිලක සහ බිංගිරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් වික්‍රමනායක යන මහත්වරු අදහස් දැක්වූහ.

මුගුණුවටවන සඳසිරි යහක්ෂි –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More