දළදා පෙරහර සැනකෙළියක් නොව පූජාවක් නමුත් ජනරජ පෙරහර යනු සැනකෙළියක් බව කියන දළදා මාළිගාවේ හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න, ජනරජ පෙරහරේ විදුලි බිල ගෙවනු ලැබුවේ දළදා මාළිගාවෙන් දැයි සොයාබලන ලෙස යෝජනා කරයි.
ඔහු පවසන්නේ මේ වනවිට දළදා භාරකාරත්වය දරන්නේ ඉතිහාසය ගැන නොදන්නා දළදා මන්දිරයත් වාණිජකරණය කළ පුද්ගලයන් බවය. ඔවුන් දළදා පෙරහැර අලෝක කිරීම සඳහා වැයවන විදුලිබිල ගෙවන්නට ඉදිරිපත් වන්නේ ඒ ඉතිහාසය ගැන අවබෝධයක් නැති නිසා බව හිටපු දියවඩන නිලමේවරයා පවසයි.
එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ විහාර දේවාලගම් ආඥා පනතින් දළදා මාළිගාව රුවන්වැලිසෑය ශ්‍රී මහා බෝධිය මිහින්තලේ ඇතුළු ප්‍රධාන ජාතික තලයේ පූජා භූමි රැකගැනීමත් පවත්වාගෙන යෑමත් සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතු බවට සඳහන් කාරණාව පිළිබඳ අවධානය යොමු කොට දළදා පෙරහර වෙනුවෙන් විදුලිබල මණ්ඩලය වෙත විදුලිය සඳහා මුදල් ගෙවීම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාටත්, විපක්ෂ නායකවරයාටත් මතක් කර සිටින බව ඔහු අවධාරණය කරයි.
දළදා පෙරහැර මංගල්‍යය ඓතිහාසික පුද පූජාවක් මිස සැණකෙළියක් නොවන බවත් එහි පරමාර්ථය රටට වැසි වස්සවා ජනතාවට සෞභාග්‍යය උදා කරලීම බවත් නිරන්ජන් විජේරත්න කීවේය.
හිටපු දියවඩන නිලමේවරයා වැඩිදුරටත් මෙසේද කීය.
“අද මේ රට පාලනය කරන ප්‍රධානීන් ඉතිහාසයේ දන්නේ නෑ. නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියා අතීතයේ ඇමතිවරු කළ කී දෑ පවා දන්නේ නෑ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ දී විදුලිබල ඇමතිවරයා ලෙස කටයුතු කළ පෙස්ටස් පෙරේරා විදුලි බලය නොමැති අවස්ථාවක භාවිත කරන ලෙස දන්වමින් දළදා මාලිගාවට ජෙනරේටරයක් පූජා කළ බව ද, අනුරුද්ධ රත්වත්තේ විදුලිබල ඇමතිවරයාව සිටි කාලයේ වැසි වසින ලෙස ඉල්ලා සති පූජා පැවැත්වූ බව ද අපට හොඳ හැටි මතකයි.
දැන් මේ රට පාලනය කරන්නේ කිසිම අවබෝධයක් නැති පිරිසක්. ජලාශ පිරෙන්නේ දළදා හාමුදුරුවන්ට කරන පුද පූජාවලින් බව මේ අය පිළිගන්නේ නෑ. නමුත් අතීතයේ ඉංග්‍රීසි ජාතිකයින් පවා පෙරහර මංගල්‍යයට පූර්ණ අනුග්‍රහය ලබා දුන්නා.
මේ ඉතිහාසය දැන් ඉන්න භාරකාරයෝවත් හරියට දන්නෙ නෑ. මේ වන විට දළදා හාමුදුරුවෝ වාණිජකරණයට නතු වෙලා. හැඟීමක් නොමැතිව මේවා පාලනය කරන උදවිය බය නැතුව මුදල් ගෙවන්න ඉදිරිපත් වන්නේ ඒ නිසයි.
දළදා පෙරහැර පූජාවක්. නමුත් ජනරජ පෙරහැර සැණකෙළියක්. එදා ජනරජ පෙරහැරටත් මාලිගාවෙන් විදුලි බිල ගෙව්වාද යන්න වහාම සොයා බැලිය යුතුයි.”
– ලංකාසර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...