මෙරට භූමියෙන් වී වගාකළ හැකි බිම් සියයට 42ක් පමණ ඇති බවත්, නොයෙකුත් දුෂ්කරතා මැද රටට අවශ්‍ය සහල් අවශ්‍යතාවය සපුරන වී ගොවියාට ආණ්ඩුවෙන් නිසි මිලක් නොගෙවන තත්ත්වයක් නැවත ඇති වී තිබෙන බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි.
යල කන්නයේ අස්වනු මේ වන විට නෙලමින් ඇති බවත් නාඩු කිලෝවක් සහල් රුපියල් 95ට, සම්බා සහල් රුපියල් 100ට, කීරි සම්බා රැපියල් 110ට ලබාගන්නා බවට ආණ්ඩුවේ ඇමැතිවරයා ප්‍රකාශ කළ ද කිසිඳු ප්‍රදේශයක එවැනි මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා බවත්, වී මිල මේ වන විට පහතටම වැටී කිලෝවක් රු. 65- 80 මිලකට අලෙවි වන බවත් ඒ මහතා පවසයි.
එමෙන්ම දේශීය ආහාර අවශ්‍යතාව වෙනුවෙන් කැපවන ගොවි ජනතාවට කිසිඳු සහනයක් නොදෙමින් ඇමැතිවරයා විසින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 9ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවද, එසේ අවසර දුන්නේ කවුදැයි ඇමැතිවරයා ජනතාවට උත්තර බැඳිය යුතු බවද කරුණාතිලක මහතා සඳහන් කරයි.
අවශ්‍ය පොහොර ටික කලට වේලාවට නොමැතිව, වී වලට නිසි මිලක් නොමැතිව, ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී සිටින මෙරට ගොවි ජනතාව දිගින් දිගටම වී ගොවිතැනේ රැඳී සිටිවි දැයි සැකයක් ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද (IMF) අවශ්‍යතාව වී තිබුනේ රටේ ගොවිතැන අකර්මණ්‍ය කරමින් එම ගොවි ඉඩම් විකුණන තැනට ගොවියා පත් කිරීම බවත් කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...