ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් අද (ජූලි 18) සවස ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වන බවට දෙමළ ජාතික සන්ධානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි.
එම සාකච්ඡාව පස්වරු 3:00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවත්, එහිදී උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරෙන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ද, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක නිරතව වන බැවින් ඉන්දීය ධීවර ප්‍රශ්නය හා ඉන්දීය ව්‍යාපෘති නිසා උතුරේ ගොවීන් හා ධීවරයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡා කිරීමට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ බලාපොරොත්තු වන බවත් පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...