දේශීය පුවත්

රුසියාවේ සිට සෘජු ගුවන් ගමන් ‘එරෝෆ්ලොට් ගුවන් සේවය’ ආරම්භ කර මාස 09 ක් ඇතුළත සංචාරකයන් එක්ලක්‍ෂ දෙසිය අනූඅටක් (100,298) මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ.

මෙම සංචාරකයන් මගින් ඩොලර් මිලියන 150 කට වැඩි විදේශ විනිමයක් රටට ලැබී ඇති බවත් වාර්තා වේ.

එහිදී එරෝෆ්ලොට්, කොළඹට ගුවන් ගමන් 101 කින් මගින් 30,083ක් රැගෙනවිත් ඇති අතර එම සංචාරකයන් හරහා ඩොලර් මිලියන 45කට වැඩි ආදායමක් රටට ලැබී ඇත.

එසේම AZUR Air ගුවන් ගමන් 128 හරහා සංචාරකයන් 38,582ක් රැගෙනවිත් ඇති බවද වාර්තා වේ.

රුසියානු සංචාරකයන් ලක්ෂයක් පැමිණීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ උදෑසන පැවැත්වුනු අතර, එසේ ලක්ෂය වැනි සංචාරකයා රැගත් රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්. යූ. – 288 දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට 07/17 දින උදෑසන 10.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම ගුවන් යානය තුළ රුසියානු සංචාරකයන් 292 සහ කාර්යය මණ්ඩලය 12 දෙනකු පැමිණ සිටියහ.

කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි එම රුසියානු සංචාරකයන් පිරිස පිළිගැනීම ගැනීම සදහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් (Levan Dzhagaryan), සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා සංචාරක සම්මුති කාර්යාංශයේ සභාපති තිසුම් ජයසූරිය, ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ (මහජන සබඳතා) මධුභානී පෙරේරා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, සංගීත ශිල්පි ඉරාජ් වීරරත්න ඇතුළු ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More