දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය ඉකුත් ජනවාරි පළමු වන දා සිට මේ දක්වා වරින් වර ඖෂධ හා ශල්‍ය උපකරණ වර්ග 64ක් භාවිතයෙන් ඉවත් කොට හෝ තාවකාලිකව ඉවත් කොට ඇති බවයි.

මෙම සෑම ඖෂධයක් හා ශල්‍ය උපකරණයක් වෙනුවෙන්ම වෙන වෙනම චක්‍රලේඛ 64ක් නිකුත් කර ඇති අතර තත්ත්වයෙන් බාල බවට ලැබෙන චෝදනා හා පැමිණිලි මත මේවා භාවිතයෙන් ඉවත් කර ඇතැයි ද එහි සඳහන් වේ.

එම ලැයිස්තුවට අනුව පෙරේදා (ජූලි 16) සිට භාවිතයෙන් ඉවත්කොට ඇත්තේ හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලදී හෘදයේ වේගය අඩුවන විට එම තත්ත්වය පාලනය කිරීම සඳහා භාවිත කරන ඩොබියුටමීන් (Dobutamine) නමැති ඖෂධයකි. එය දැඩි සත්කාර ඒකකවල හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකවල අනිවාර්යයෙන් ම පැවතිය යුතු ඖෂධයකි. මීට අමතරව අක්ෂි කාච, සේලයින් කැනයුලා, ඇස්ප්‍රීන්, බෙතඩීන්, කො ඇමොක්සික්ලෙව්, මෙට්‍රනයිඩසොල්, පිපරසිලින්, සේලයින්, කැනයුලා ඇතුළු ඖෂධ හා ශල්‍ය උපකරණ මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද අයිතම අතර වේ.

මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධවලින් අති බහුතරය දිනපතා භාවිත කරන සහ අත්‍යවශ්‍ය ඖෂධ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධ හා ශල්‍ය උපකරණවලින් අති බහුතරය ඉන්දියාවෙන් ගෙන්වන ලද හෝ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ඒවා බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More